Thursday, May 26, 2022

මායාකාරි

ඔව් දවසින් දවස තප්පරෙන් තප්පරේ ඔයා මගෙන් ආදරේ ගත්තා මම ආදරේ කරනවටත් වඩා ආදරයක් මං ඔයාට දුන්නා ..දුන්නා නෙමේ ඔයා මගෙන් ගත්තා...ඔව් ඔයා මායාකාරියක් තමයි ..

 මන් හිතුවෙ නෑ ඔයා මගෙන් මෙච්චර ආදරේ ගනීවි කියලා මටවත් ඉතුරු නොකරම ..

 ඒ ආදරේ එකම අයිතිකරි ඔයා විතරමයි ...

දවසක ඔයා ලැබුනත් නොලැබුනත් ...

මේ ආදරේ ඒ විදියටම ඉතිරි වෙයි ..

සදහටම .....🚶🥀🖤

මම දන්නෙ නෑ

 මම දන්නෙ නෑ

මේ ආදරේ රැවටීමක්ද
එහෙමත් නැත්නම් බොරුවක්ද කියලා ....
ඒත් මම උඹට වචන වලින් කියන්නට බැරි
තරමටම ආදරේ කරනව ....
උඹව බලාගන්න උඹ එක්ක ජීවත්
වෙන්න හීන දකිනව .....
සමහර විට මගේ හිතේ උඹ හ්ටියට
උඹේ හිතේ අහලකවත් මම නැතුව ඇති..
නැත්නම් මම මේ කරන ආදරේ
පොඩ්ඩක්වත් උඹට දැනෙන්නෙවත්
උඹ ඒ ගැන දන්නෙවත් නැතුව අති
හැබැයි මගෙ හිතේ ආදරේ උඹට මිසක්...
වෙන කාටවත් දෙන්න බැරි බව මම හොදින්ම දන්නව ....
ඒ ආදරේ එකම අයිතිකරි උඹ විතරමයි ....
දවසක උඹ ලැබුනත් නොලැබුනත් ...
මේ ආදරේ ඒ විදියටම ඉතිරි වෙයි ...
සදහටම ......🖤🥀

Wednesday, May 25, 2022

නුඹ මගෙමයි කියා හිතෙනවා



මියුලැසි සත්පාට උන්මාද රසගන්වනා

මිහිරක ලංවී මා ඔබ හා වෙලී සෑමදා

ගෙවනා ප්‍රේමයේ චාරිකා

සෙවනැල්ලෙ පවා රැදෙනවා

තාරුකා මල් පිපේනා රැයේදී පවා

නුඹ මගෙමයි කියා හිතෙනවා

 

Sunday, May 22, 2022

ඉතින් මගේ සතුට ඔයා ගාව පරිසමට තියා ගන්න.....

දුක - සතුට




මට දැනේන විදිහට 

සතුට හරිම කෙටි වගේ අපිට දැනේන්නේ අපි සතුටට හරිම කැමති සතුටේම ඉන්න කැමති ඒ නිසාම කාලෙත් එක්ක ඉක්මටම සතුට සාමාන්‍ය දෙයක් වෙලා එක අමතක වෙනවා.. 

ඉතින් දුකට අපි ආසම නෑ දුක සාමාන්‍ය දෙයක් වෙන්න අපි ඉඩ දේන්නේම නෑ අපි සතුට හොයන්වා දුක එපා කියලා කෑ ගහන්වා. ඉතින් වැඩිපුර අපිට දැනේනේ දුක..

සතුට හැන්ගිලා දුක ඉස්මතු වෙන්නේ හරිම වේදනාකාරි විදිහට. දුක අවේ නැත්නම් සතුටත් අමතක වෙනවා. අපි දුක නැති කර ගන්න සතුට හොයනවා. සතුට  සත්තකින්ම අපි ගාවම තියේන්වා.

ආකල්පයි හිතන පතන විදිහ වෙනස් කර ගන්න දාක අපි එක අපෙන්ම හොයා ගන්නවා.එත් මන් ගාව සතුට නෑ සතුට කෙනෙක් ගාව දාල ඇවිත්.. එ සතුට එයා ගාව තියෙන එක ගැන  මන් සතුටු වෙන්වා . මටවත් උරුම නැති මගේ සතුට.. මන් සතුටු වෙන්වා ඔයා මට ආදරේ නෑ කියලා කවදාවත් නොකියපු එකට. මන් සතුටුවෙනවා මාව ඔයා කවදාවත් එපා කියපු නැති එකට. මන් සතුටු වෙනවා ඔයා මත් එක්ක තාමත් මවා ඔයාට ගලපගන්න උත්සහා කරන එකට. මන් සතුටු වෙන්වා මට බලාපොරොතුවක් තියෙන්නවා අපි ආදරේන් ඉදි කියන එකට. මන් සතුටු වෙනවා ඔයාට මන් ආදරේ කරන එකට. මන් සතුටු වෙනවා මන් අවංකවම ඔයාට ආදරේ කරන එක ගැන. මන් සතුටු වෙන්වා මට දුක හිතුනට මන් ඔයාගේන් ඇත් වෙන්න මොහොතක්ටත් හිතෙන්නේ නැති එකට. මන් දුක් වෙනවා ඔයාට ඔනි කෙනා වෙන්න බැරි වුන එකට. මන් දුක් වේන්නේ නෑ ඒ සය අවුරුදු ගැන එත් මේ මගේ හීන මිය යන සමයයි............

ඉතින් මගේ සතුට ඔයා ගාව පරිසමට තියා ගන්න.....

කඳුළු තමයි ඒත් හරි රහයි.

 රිදෙන රිද්දන අතර මං වෙලා

දමා යන්නට නුඹේ හිත බෑ උදුරා කඳුළු රස මට තනිකමට උපමා තාම නුඹ මගේ හීනවල අමුණා..

කඳුළු තමයි ඒත් හරි රහයි.

අතීතය සිහි කරන් මන් හොදටෝම රිද්දගනු ලැබේ



නුඹ නොමැති දිහාවක තල කොහිද සඳළු

කටු මතින් ඇවිද යමි මතක වන වදුළු

උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳළු

ලස්සනම තැන් වලයි තියෙන්නෙම කඳුළු


රැයක මැදියම අරන් ගලවමි දෑස්වල ඇබේ 

එතැන් සිට ගලන්නේ මොනවාද ඉබේ 

ඉතින් නුඹ තබාගිය සිනාවන් තැනින් තැන තිබේ 

අතීතය සිහිකරන් හොදටෝම මං රිද්දගනු ලැබේ


කාගේ කාගේත් දෑස් කෙලවර ශේෂ කඳුලක් තියනයවා 

බැරිම තැන් වල එහෙම ඒවා ගලාගෙන බිම හැලෙනවා 

හිමිනොවූවත් සමහරක් අය අහිමි වෙන තැන බැඳෙනවා 

සදාකාලික ප්‍රේමයක් නම් කවදා හරි අත් හැරෙනවා 


දහස් ගණනක් පෙම්වතුන් සිටියත් වෙන් වුණු....

ලස්සනම තැන්වල තිබුණත් ප්‍රේමයක කඳුලු...

තිබෙනවානම් හිත්වලම තව ඒ මතක, හමුවුණු....

සැබෑ ප්‍රේමයක් නම් කොහිවත් කිසිදාක නෑ නිමවුණු...


හැමෝගෙම ඇස් අග කදුලක් තියෙනවා. එ අතීත ආදර මතකයන් එක්කයි.. කෙනෙක අසිමිතව ආදරය කරන හිතක්, එ මතක පරිසම් කරන්නෙත් හරිම සීරුවටයි. ඉතින් එහෙම ආදරය කරන හිතකට එ වෙන්ව යාම දරාගන්න ගොඩක් අමාරුයි. ඒක නිසා අතීතය මතක් කරගනිමින් විදවන එකයි එයාගෙ පුරුද්ද වෙන්නෙ. ලස්සනම මතකයන් එක්ක අවසානෙට උහුලගන්න බැරි කදුලු, වෙදනා ගොඩක් එකතු වෙනවා. ඒක නිසා හැම මතකයක් එක්කම තනි උනාම අපෙ ඇස් වල කදුලු එකතු වෙන්නෙ කාටවත් නොකියාමයි. අවසානයට එවා බිමට වැටෙන්නෙ අපිට නවත්තන්නට බැරිම තැනකයි. සදාකාලිකයි කියලා හිතන ගොඩක් ලොකු බැදීමක් උනත් වෙන් වෙන්න යන්නෙ සුලු වෙලාවයි. එ මතක එක්ක තනි වෙන කෙනෙක්ගෙ හිතක් හඩන්නෙත් මෙ වගේමයි වෙලාවකට.

හදවත තුළ විශාල අරගලයකි



මොහොතින් අප අතර දුර වැඩි වෙයි

කවදා මෙය අවසන් වේවිද?

මේ ව්‍යාකූල බවෙන් අප කවදා නිදහස් වේවිදෝ?

අපේ ලෝකය අවුල් වෙද්දී අපේ  හදවත ශෝකයෙන් ඇලලී යයි

පුන් සඳ අඳුරු වළාවට සැඟවෙනවා වගේ

අපේ ගමනාන්තය අඳුරු වී යයි

බලාපොරොත්තු රහිතව අප සිටිද්දී

මේ හැඟීම කවදා අප පසු කර යාවිද?

කෙනෙකුගේ ගමනාන්තට පිටුපස ඇති හේතූන්

හරියටම කවුරුන් පැහැදිළි කරන්නද?

නුඹ වෙනුවෙන් මා හට නැවතෙමින් බලා සිටීමට සිදුවේ

බලාපොරොත්තු විසින් මා ඇයගේ සිරකරුවකු කරද්දී

තව දුරටත් කාලය එහි සෙල්ලම කරද්දී

නුඹව සොයාගත යුත්තේ නුඹ විසින්මයි

ජීවිතයේ නාටකය ලෝකයාට අනාවරණය උවත් චරිතයන් කතාව නොදනියි

නුඹ තැබූ විශ්වාසය නුඹව හැරදමා යයි නම් කතාවේ අවසානය තවත් දීර්ඝ වෙයි....

ජීවිතය ගලාගෙන යන අයුරින්ම ගමන් කරන්න තව දුරටත් හෙට කතාව දිගහැරෙන තුරු

අපට බලා සිටීමට සිදු වෙයි...................






ඒ යුවල අපි වෙමුද?




මගේ ආත්මය ස්පර්ෂ කරනා සුළැඟිල්ල වෙන්න

උණුසුම් පවණ විඳිමින් මාත් සමඟින් ඇවිද යමු

යම් දවසක සිහින පැල්පත එළිය කරනා සඳ කිරණ යුවලක් වෙමු

එදින තරු මෙන් දැවී දියවී ගිය අපේ හදවත් කවුරුන් හෝ නොදකීවිද?

එදින මේ නොඇසූ අරුම පුදුම ආදර කතාව යලි යලිත් එය පවසාවිද?

_____________________________________________________

ඔබේ ආත්මය ස්පර්ෂ කරනා සුළැඟිල්ල වෙන්නම්

උණුසුම් පවණ විඳිමින්නු ඹත් සමඟින් ඇවිද යන්නම්

යම් දවසක සිහින පැල්පත එළිය කරනා සඳ කිරණ යුවලක් වෙමු

එදින තරු මෙන් දැවී දියවී ගිය අපේ හදවත් කවුරුන් හෝ නොදකීවිද?

එදින මේ නොඇසූ අරුම පුදුම ආදර කතාව යලි යලිත් එය පවසාවිද?


තව පරක් හැරිලා බලපන් .....

 


උබට පණ වගේ ආදරේ කරන කෙනා දිහා තව පරක් හැරිලා බලපන් .....

උඹ කොච්චර බැන්නත්
උඹව දාල යන් නෑ නේද
උඹ මොන අඩුපාඩුව කරත්
ඒ හැමදේම දරාගෙන ඉන්නවා නේද
ආදරෙයි ආදරෙයි කිය කිය පස්සෙන් එනවා නේද

ඒ තමයි උඹට ආදරේ කරන කෙනා ..
උඹ කොච්චර එපා කිව්වත්
උඹව දාල නොයන එකම කෙනා...

හිතලා බලපන්
උඹෙන් මොනවද ඌට ලැබෙන්නෙ
කිසිම දෙයක් ලැබෙන් නෑ නේද
ඌ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ නේද
එකම එක පාරක් ආදරෙයි කියන වචනෙ අහන්න ඌ ඕනිම දෙයක් කරනවා නේද ..

උඹව දකින් නැතුව ඉන්න එක
උඹගෙ කටහඬ අහන් නැතුව දවස් ගනක් ඉන්න එක
ඌට කොච්චර දුකක්ද කියලා
උඹ එක පාරක් හරි හිතුවද
උඹට ගානක්වත් නැත්තෙ ඌ උඹට ඉන්නවා කියලා දන්න හිංදා
ඒත් දවසක ඌ නැති උනොත්
උඹට ඌට වඩා ආදරේ කරන කෙනෙක් හම්බෙයි කියලා හිතනවද ..

දෙයක් ලැබෙද්දි ආදරේ කරන උන් වගේ නෙමෙයි
උඹෙන් සැනසීමක්වත් නොබලා
උඹට ආදරේ කරනවා නං
ඌට මොනවා නැති උනත් උඹව කවදාවත් දාල යන් නෑ

බලපන් එච්චර විඳවගෙනත් ඉන්නෙ තවම උගේ හිතේ උඹ විතරක්ම ඉන්න හිංදා මිසක්
මතක තියාගනින් ..
ඒක උගේ නිවට කමක් නං නෙමෙයි බං ...

උඹටත් එහෙම කොල්ලෙක් ඉන්නව නම් රැකගනින් ඒ තමයි උඹට ඇත්තටම ආදරේ කරන කෙනා..

මායාකාරි

ඔව් දවසින් දවස තප්පරෙන් තප්පරේ ඔයා මගෙන් ආදරේ ගත්තා මම ආදරේ කරනවටත් වඩා ආදරයක් මං ඔයාට දුන්නා ..දුන්නා නෙමේ ඔයා මගෙන් ගත්තා...ඔව් ඔයා මායාකා...