නුඹ නොමැති දිහාවක තල කොහිද සඳළු
කටු මතින් ඇවිද යමි මතක වන වදුළු
උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳළු
ලස්සනම තැන් වලයි තියෙන්නෙම කඳුළු
රැයක මැදියම අරන් ගලවමි දෑස්වල ඇබේ
එතැන් සිට ගලන්නේ මොනවාද ඉබේ
ඉතින් නුඹ තබාගිය සිනාවන් තැනින් තැන තිබේ
අතීතය සිහිකරන් හොදටෝම මං රිද්දගනු ලැබේ
කාගේ කාගේත් දෑස් කෙලවර ශේෂ කඳුලක් තියනයවා
බැරිම තැන් වල එහෙම ඒවා ගලාගෙන බිම හැලෙනවා
හිමිනොවූවත් සමහරක් අය අහිමි වෙන තැන බැඳෙනවා
සදාකාලික ප්‍රේමයක් නම් කවදා හරි අත් හැරෙනවා
දහස් ගණනක් පෙම්වතුන් සිටියත් වෙන් වුණු....
ලස්සනම තැන්වල තිබුණත් ප්‍රේමයක කඳුලු...
තිබෙනවානම් හිත්වලම තව ඒ මතක, හමුවුණු....
සැබෑ ප්‍රේමයක් නම් කොහිවත් කිසිදාක නෑ නිමවුණු...
හැමෝගෙම ඇස් අග කදුලක් තියෙනවා. එ අතීත ආදර මතකයන් එක්කයි.. කෙනෙක අසිමිතව ආදරය කරන හිතක්, එ මතක පරිසම් කරන්නෙත් හරිම සීරුවටයි. ඉතින් එහෙම ආදරය කරන හිතකට එ වෙන්ව යාම දරාගන්න ගොඩක් අමාරුයි. ඒක නිසා අතීතය මතක් කරගනිමින් විදවන එකයි එයාගෙ පුරුද්ද වෙන්නෙ. ලස්සනම මතකයන් එක්ක අවසානෙට උහුලගන්න බැරි කදුලු, වෙදනා ගොඩක් එකතු වෙනවා. ඒක නිසා හැම මතකයක් එක්කම තනි උනාම අපෙ ඇස් වල කදුලු එකතු වෙන්නෙ කාටවත් නොකියාමයි. අවසානයට එවා බිමට වැටෙන්නෙ අපිට නවත්තන්නට බැරිම තැනකයි. සදාකාලිකයි කියලා හිතන ගොඩක් ලොකු බැදීමක් උනත් වෙන් වෙන්න යන්නෙ සුලු වෙලාවයි. එ මතක එක්ක තනි වෙන කෙනෙක්ගෙ හිතක් හඩන්නෙත් මෙ වගේමයි වෙලාවකට.